ෆිෆා පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් පැමිණෙන ප්රේක්ෂකයින් හට සත්කාරකත්වය සැලසීම සඳහා අධිසුඛෝපභෝගී මගී නෞකා 3 ක් සූදානමින් සිටී.
මෙහි පළමුවැන්න වන MSC World Europa මගී නෞකාව ඉයේ කටාර් හි ඔල්ඩ් දෝහා වරාය වෙත සේන්දු වී තිබේ.
තට්ටු 22 කින් යුක්ත මෙම මගී නෞකාව නොවැම්බර් 13 වන දින නිල වශයෙන් අමුත්තන් වෙනුවෙන් විවෘත වීමට නියමිතයි.
මෙය පාපන්දු ලෝක කුසලාන පාපන්දු ලෝලීන් 6,700කට නවාතැන් ගත හැකි මගී නෞකාවක් වන අතර කුටි 2,626 කින් එය සමන්විත වේ.
වර්ග මීටර 40,000 ක පොදු ඉඩ ප්රමාණයකින් එය යුක්තය.