Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බිත්තර අලෙවිසැල් රැසක් වසා දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රජය මගින් බිත්තර සදහා උපරිම සිල්ලර මිල රු 50 වශයෙන් ප්‍රකාශයට පත් කිරිම සහ පාරිභෝගික සේවා අධිකාරිය මගින් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙලදුන් සොයා වැටලිම් සිදු කරන නිසා  බිත්තර වෙලදසැල් රැසක් තාවකාලිකව වසා දමා ඇත.
බිත්තර වෙලදසැල් විවෘත කර ඇති වෙලදසැල් හිමියන් කියා සිටින්නේ තමන් රු 52 තොග මිලකට බිත්තර මිල දි ගෙන පාරිභෝගිකයන්ට රු 50 සිල්ලර මිලකට බිත්තර අලෙවි කරන බවයි.

තම පාරිභෝගිකයන්ට බිත්තර අලෙවි කිරිමේ අරමුණින් බිත්තරයකින් රු 2 ක් පාඩු ලබා බිත්තර වෙලදාම සිදු කරන බවයි.

පනශාලා හිමියන් කියා සිටින්නේ දිනකට බිත්තර විශාල ප්‍රමාණයක් තම ආපනශාලාවට අවශ්‍ය බවත්, ඒ අනුව ඇතැම් බිත්තර අලෙවිසැල් වලින් රු 52 කට සුදු බිත්තරයක් සහ රු 53 ක මිලකට රතු බිත්තර මිල දි ගත් බවයි.

එලඹෙන උත්සව සමයේ බිත්තර හිගයක් ඇතිවිමේ අවධානමක් පවතින බවද එම ආපනශාලා හිමියන් කියා සිටියි.

රංජිත්

Scroll to Top