Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක කුසලාන තරගාවලිය තවත් උණුසුම් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එංගලන්ත කණ්ඩායම  ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 05 ක්ද සමගයි.

ඒ අනුව  ප්‍රසාද ලකුණු 05 බැගින් ලබාගෙන සිටින නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව පිළිවෙළින් පළමු හා 03 වන ස්ථානවල රැඳී සිටිනවා. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 04 ක් සමගින් රැඳී සිටින්නේ හතරවන ස්ථානයේයි.

ඒ අනුව එංගලන්තය සමග එළඹෙන 05 වනදා පැවැත්වෙන තීරණාත්මක තරගය ජයගත හොත් ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි අවස්ථා 02 ක් නිර්මාණය වී තිබෙනවා.

එළඹෙන 04 වනදා පැවැත්වෙන තරගයේදී ඇෆ්ගනිස්තානය, ඔස්ටේ්‍රලියාව පරාජය කලහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තබා ගැනීමට අවස්ථාවක් හිමිවනවා.

අයර්ලන්තය සහ නවසීලන්තය, අත තරගයෙන් අයර්ලන්ත තකණ්ඩායම ජය ගත හොත් ශ්‍ර ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තවත් අවස්ථාවක් හිමිවනු ඇති.

කෙසේවෙතත් මෙවර තරගාවලියේ දක්ෂතා අනුව ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට එම ප්‍රතිවාදීන් පරාජය කිරීම පහසු නොවන බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.

මෙම කන්ඩායම් දෙකම තමන් සහභාගීවූ තරඟ 03 න් 02 ක බැඟින් ජයගෙන ප්‍රසාද ලකුණු 04 බැඟින් රැස්කරගෙන සිටිනවා. එහෙත් දළ ලකුණු වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. ඒ අනුව මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගැනීමට හැකි වනවා.

දෙවන කාණ්ඩයේ තවත් තරඟයක් අද පැවැත්වීමට නියමිතයි. ඒ, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතරයි. තරඟ 03 කට සහභාගීවී ප්‍රසාද ලකුණු 03 ක් සමඟ සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවනවා.

මෙම තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකි වනවා.

Scroll to Top