විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමඟ ඊයේ (27) පැවති තරගයේදී ලකුණු එකක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.
මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්රීඩකයින් පන්දු වාරවිස්ස අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 130 ක් රැස් කළා.
කෙසේ වෙතත් පාකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු අටක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 129 ක් පමණයි.
එහිදී සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දන් රාසා ලකුණු 25කට කඩුලු 3 ක් ලබාගත්තා.