අද (27) සහ හෙට (28) විදුලි කප්පාදු කාල සීමාව පැය 2 කි.
A සිට L දක්වා සහ P සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයක් සහ රාත්රී කාලයේ පැයක් වශයෙන් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ය.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය මිලදී ගන්නා සියලු පාර්ශවයන්ගේ විදුලිය මිලදී ගැනීම මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කරන බව මහජන උපයෝගිතා කොමිසම කියා සිටියේ ය.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ, මේ වසරේ ඔක්තෝබර් මස 01 වන දා සිට එය ක්රියාත්මක වන බවයි.