T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණි.
තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස්කළේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 40ක් රැස්කළ අතර චරිත් අසලංක නොදැවී ලකුණු 38ක් රැස්කළේය.
ලකුණු 158ක ඉලක්කයක් ඇතැතිව ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ, නායක ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් යි.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 26කට සීමා වූයේ වෝනර් ලකුණු 11කට දැවීයාම හේතුවෙනි.
මිචෙල් මාෂ් සහ ඒරන් ෆින්ච් අතර ඔස්ට්‍රේලියා දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 34කි.
මාෂ් ලකුණු 18යි.
ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 23කට දැවී ගියේ ය.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මාකස් ස්ටොනීස් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 18කින් ලකුණු 59ක් රැස් කරමිනි.
6 පහර 6ක් සහ 4 පහර 2ක් එම ඉනිමට ඇතුළත් විය.
ඔස්ට්‍රේලියාව පන්දුවාර 16යි පන්දු 3 ක් අවසානයේදී කඩුලු 3 ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.