පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 (Super 12) දෙනාගේ වටයේ තරග අද(22) සිට ආරම්භ වෙයි.
අද දිනයේදී තරග 2 ක් පැවැත්වීමට නියමිත ය.
සුපිරි 12 දෙනාගේ වටය ආරම්භ කරමින් වත්මන් පන්දුවාර 20යි 20 ලෝක ශූර සත්කාරක ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද තරග බිමට පිවිසෙයි.
සිඩ්නිහිදී මෙම තරගය පැවැත්වෙන අතර, එය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.
අද දිනයේ සුපිරි 12 වටයේ දෙවැනි තරගය ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර පර්ත්හිදී පැවැත්වෙයි.
එම තරගය මෙරට වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිත අතර තරග දෙකටම ඇතැම් විට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවට විදෙස් වාර්තාවල සඳහන් ය.
පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීවීව නැරඹිය හැකිය.
විස්සයි20 ලෝක ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය හෙට (23) අයර්ලන්තයට එරෙහිව හෝබාට්හිදී පැවැත්වේ.
‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකා පිලේ තරග කාලසටහන
● ඔක්. 23 – ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර හෝබාට්හිදී
● ඔක්. 25 – ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී
● ඔක්. 29 – ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සිඩ්නිහිදී
● නොවැ. 1 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බි්රස්බේන්හිදී
● නොවැ. 5 – ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නිහිදී