රටවල් 80ක තරගකාරියන් සහභාගී වන ‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය මෙරටදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම තරගකාරියන් අසූදෙනා දෙසැම්බර් 8 වැනිදා සිට 21 වැනිදා දක්වා සති දෙකක කාලයක් මෙරට ගත කරන අතර, ඔවුන් කුඩා තරග අවස්ථා (පැජන්ට්) 80කට සහභාගී වීමෙන් අනතුරුව අවසන් මහා තරගය පැවැත්වේ.
එම සති දෙකක කාලයේදී ඔවුන් මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, හබරණ, ඇල්ල, ආරුගම්බේ, මිරිස්ස හා ගාල්ල ඇතුළු ප්රදේශවල සංචාරය කිරීමට නියමිතය.