UAE කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 79ක ජයක් හිමිවිය.
එහිදී ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස්කිරීමට සමත්විය. එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 74ක් රැස්කර ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගිනි.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි UAE කණ්ඩායමට පන්දුවාර 17යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 73ක් පමණි.
සුපිරි 12 වටයට යාමට නම් ශ්රී ලංකාව ඒ කාණ්ඩයේ 1 හෝ 2 වන ස්ථාන ලබාගත යුතුය.
ශ්රී ලංකාව ඊළඟට මේ දක්වා අපරාජිත නෙදර්ලන්තය සමග තරගයෙන් ජයගන්නට හැකි නම් එය පහසුය.
පළමු කණ්ඩායම් දෙක මීළඟ අදියර සඳහා සුදුසුකම් ලබන අතර NRR මෙම කණ්ඩායමේ ස්ථාන තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
ශ්රී ලංකාව හා නෙදර්ලන්තය අතර තීරනාත්මක තරගය බ්රහස්පතින්දා (20) පෙරවරු 9ට පැවැත්වේ.