බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ ඉදිරි වැසි සමග ගංගා ආශ්රිත පහත්බිම් තවදුරටත් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි.
දිස්ත්‍රික්ක 11කට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 15,632කට අයත් පුද්ගලයින් 61,792 ක් පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 1661කට අයත් පුද්ගලයින් 5460 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 33ක රඳවා සිටින බවයි.
ආපදා තත්ත්වයෙන් නිවාස 5කට පූර්ණ හානි සිදුවිය.
අර්ධ හානි වී ඇති නිවාස සංඛ්‍යාව 207 කි.
මේ අතර, ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ ය.
අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් මේ වන විට සූදානමින් තැබීමට නාවික හමුදාව පවසයි.
අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා බටහිර නාවික විධානය මඟින් රත්නපුර ප්‍රදේශයට සහන කණ්ඩායම් 02 ක් සහ කළුතර ප්‍රදේශයට සහන කණ්ඩායම් 04 ක් යොමු කර ඇති බවත් අවශ්‍යතාව අනුව කඩිනමින් ස්ථානගත කිරිම සඳහා බටහිර නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 21 ක් සහ දකුණු නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 09 ක් ද සූදානම් කර ඇති බවත් නාවික හමුදාව සඳහන් කළේය.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව සහන කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය හරහා වෙන් කර තිබෙන බවත් පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු සියලු පහසුකම් කඩිනමින් සපයන ලෙසත් එම ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙහිදී සියලු ප්‍රාදේශීය ලේකම්වරු සහ රේඛීය අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන ලෙසත්, සහන වැඩපිළිවෙලේ දී රාජ්‍ය නිලධාරීන්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.
ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 11කට බලපෑ තද සුළං, නාය යෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52ක පවුල් 15,404ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2022 ඔක්තෝබර් 16 දින නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
ඉදිරි පැය 36 තුළත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළු ගඟේ ජලමට්ටම අද පස්වරු 3යි 30 වන විට අඩි 7යි අඟල් 9යි 7ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ජල කළමණාකරන අංශයේ අධ්යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර සඳහන් කළේ.
එමෙන්ම අත්තනගලු ඔයේ ද ජලය පිටාර ගැලීමෙන් මේ වන විට සුළු ගංවතුර තත්වයක් පවතින අතර ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයේ සුළු ඉහළ යාමක් දක්නට ලැබෙනවා.
කැළණිය ගඟ ආශ්රිත පහත් බිම් වල ජලය බැසයමින් පැවතිය ද කැළණිය, බියගම, දොම්පේ සහ සීතාවක ප්‍රදේශ වල ජල ගැලීම් තත්ත්වයන් තවදුරටත් පවතිනවා.
වර්ෂාවත් සමඟ ඇති වූ අධික සුලං තත්වය හේතුවෙන් අම්පාර සාමපුර ප්‍රදේශයේ විදුලි රැහැන් හා ගස් කඩාවැටීම් කිහිපයක් වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම, දිස්ත්‍රික්ක 6 කට පනවා තිබූ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට පස්වරු 4 දක්වා යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවේ.