සති අන්ත නිවාඩුවත් සමග නුවරඑළියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංමයේ නිලධාරින් පැවසිය.
පැමිණි සංචාරකයන් නුවරඑළියේ සියළුම සංචාරක හෝටල් , නිවාඩු නිකේතන සහ සංචාරක නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථාන වල නවාතැන් ගෙන ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.
එසේ පැමිණි සංචාරකයන් නුවරඑළිය ග්‍රේගරි වැව පරිශ්‍රය ,වික්ටොරියා උද්‍යානය , නුවරළිය නගරය සහ හග්ගල උද්භිද උද්‍යානයේ සංචාරය කරන අතර, සංචාරකයන් සදහා නුවරඑළිය පොලිසියෙන් විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක්ද දියත් කර ඇත.
නුවරඑළිය ප්‍රදේශයේ මේ දිනවල යහපත් කාලගුණ තත්ත්වයක් පවතින නිසා සංචාරකයන් නුවරඑළිය ග්‍රේගරි වැව අවට විනෝද වන අයුරු දක්නට ලැබුණි.
රංජිත්