Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අංගම්පොර සටන් කලාවට ගුවන් හමුදාවෙන් නව ජීවයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලොව පැරණිතම සටන් කලාවක් වන අංගම් සටන් කලාව නගාසිටුවීමට ගුවන් හමුදාව සැලසුම් කර තිබෙනවා.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ශ්‍රි ලංකා ගුවන් හමුදාව මේ වනවිට ඊට සක්‍රිය දායකත්වය සපයනු ලබන බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ.

අංගම්පොර සටන් කලාව යනු පුරාණයේ මෙරට පාලනය කළ යක්ක වංශිකයන් විසින් නිර්මාණය කලායැයි සැලකෙන සටන් කළාවක් වන අතර වසර පන්දහසක් පමණ පැරණි ඉතිහාසයක් ඇති මෙම සටන් කලාවේ ස්වර්ණමය යුගය රාවණා රජු මෙරට පාලනය කළ අවධියේ පැවති බවට ඉතිහාසයේ සදහන්ව තිබෙනවා.

වර්ෂ 1505 සිට 1948 දක්වා අප රට, පුරා වසර 450කට ආසන්න කාලයක් පාලනය කරනු ලැබු පෘතුග්‍රිසි, ලන්දේසි හා ඉංග්‍රිසි හමුදාවන් හට මෙම සටන් කාමී න් විශාල අභියෝගයක් එල්ල කරන ලද අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස ශ්‍රි ලංකාව තුල අංගම්පොර සටන් කලාව 1818 ඔක්තෝම්බර් මස 06 වන දින ඉංග්‍රිසින් විසින් සම්පුර්ණයෙන්ම තහනම් කරනු ලැබුවා.

අංගං සටන් කලාව එලෙස තහනමට ලක්වී වසර 204ක් සපිරෙනවා.

ඉංග්‍රිසින් විසින් අංගම්පොර සටන් කලාව තහනම් කිරිමෙන් පමණක් නොනැවති අංගම්පොර සටන්කරුවන් විශාල පිරිසක් ඝාතනය කරමින් අංගම් මඩු ද ගිනිබත් කරනු ලැබුවා.

මෙම මර්දනකාරී ප්‍රතිපත්තිය හේතුවෙන් අංගම්පොර සටන් කලාව අභාවයට පත්වුණා.

එහෙත් ජාතික වටිනාකමක් ඇති මෙම පාරම්පරික සටන් කලාව නැවත නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිතාවක රාජ්‍ය සමයේ සටන් පෙළපත වු කොරතොට ආරච්චිවරුන්ගේ පරපුරෙන් පැවත එන අජන්ත මහන්තආරච්චි සමග එක්ව 2012 වර්ෂයේ දි ගුවන් හමුදා අංගම්පොර සංචිතය ලෙස මෑත කාලීන ඉතිහාසයේ සන්නද්ධ හමුදාවක් තුල ප්‍රථම වරට ස්ථාපනය කරනු ලැබුවා.

පුද්ගල ශරිරයේ නිල සදහා ප්‍රහාරය එල්ල කරමින් නිරායුධව පුද්ගලයකු මරණයට පවා පත්කළ හැකි සටන් කලාවක් වන මෙම සටන් කලාව අංගං, ඉලංගං, මයා අංගං යන කොටස් වලින් සමන්විත වන අතර හෙළ රජවරුන් හා ඔවුන්ගේ හමුදා භටයින් පාරමිපරිකව මෙම සටන්කලාව ප්‍රගුණ කර ඇති බවට ඉතිහාසයේ සදහන්.

හමුදා පුද්ගලයකු හට අවි ආයුධ පුහුණුව මෙන්ම ආත්ම ආරක්ෂක සටන් පුහුණුව ප්‍රගුණ කිරීම ඉතාම වැදගත් වන අතර මෙම සටන් ක්‍රම හැදෑරීම තුලින් අවි ආයුධ පරිහරණය කිරිමට අපහසු ස්ථානයක දි හෝ අවියක් අත නොමැති අවස්ථාවකදී වුවද මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගැනිමේ විශිෂ්ඨ හැකියාවක් ලැබෙනවා.

මෙම සටන්කලාව ශ්‍රි ලංකා ගුවන් හමුදාවට හදුන්වා දිමත් සමග ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා ගුවන් භටයින් හා විශේෂ ගුවන් විහිදුම් බලකා ගුවන් භටයින් මෙම සටන් කලාව ප්‍රගුණ කරනු ලබනවා.

මේ වන විට ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ අංගම්පොර සටන්කරුවන් 40 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් සාර්ථකව පුහුණුව ලබා ඇති බවයි ගුවන් හමුදාව කියාසිටියේ.

ලොව මිත්‍රශ්‍රීලී රටවල් දහය අතරට ශ්‍රී ලංකාව පැමිණෙයි

පාඨක තේරීම් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාව ලෝකයේ මිත්‍රශීලී රටවල් දහය අතරට පත් වූ බව Condé Nast Traveler නිල

T20 ක්‍රිකට් පිටියේ Rakheem Cornwall ද්විත්ත්ව ශතකයක් වාර්තා කරයි

T20 ක්‍රිකට් පිටියේ ආන්දෝලනාත්මක පුවත් මවන සුපිරි ක්‍රීඩකයෙකු වන Rakheem Cornwall වෙත මේ වනවිට ක්‍රිකට් ලෝකයේම

සපුගස්කන්ද අද සිට වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා අනුරාධපුරයට

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය‌ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලා

‘රජරට ඔඩිසි’ දුම්රිය 8 වැනිදා සිට

වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ‘රජරට ඔඩිසි’ නමින් විශේෂ සුඛෝපභෝගි සීග්‍රගාමී දුම්රියක් ලබන සෙනසුරාදා (8) සිට කො

සෙනරත් පරණවිතාන මහතා අභාවප්‍රාප්ත වී 50 වසරක්

ලංකාවේ ප්‍රථම සිංහල පුරාවිද්‍යා කොමසාරිස් වරයා වු මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා අභාවප්‍ර
Scroll to Top