“වර්තමානයේ අවශ්‍යතා අනාගතය සඳහා තිරසාර කිරීම”, SAGT 2021/22 සඳහා වන තිරසාර වාර්තාව ප්‍රකාශයට පත් කරයි
කොළඹ වරායේ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පුද්ගලික සමාගම (SAGT), අඛණ්ඩව තුන්වන වරටත්, 2021/22 වසර සඳහා සිය තිරසාර වාර්තාව එළිදක්වන ලදි. “වර්තමානයේ අවශ්‍යතා අනාගතය සඳහා තිරසාර කිරීම ” යන මාතෘකාවෙන් යුත් වාර්තාව තම ව්‍යාපාරය තිරසාර ලෙස මෙහෙයවීම සඳහා SAGT හි කැපවීම ගෙනහැර දක්වයි.
වාර්තාව 2021/22 වසර තුළ පර්යන්තයේ තිරසාර කාර්ය සාධනය විස්තර කරන අතර, පසුගිය වසර කිහිපය තුල තමන් කල කටයුතු වල ප්‍රගතියද සංසන්දනය කරයි. SAGT හි තිරසාර වාර්තාව කොළඹ වරාය තුළ පර්යන්ත ක්‍රියාකරුවෙකු විසින් ප්‍රකාශයට පත් කරන ලද එකම විධිමත් තිරසාර වාර්තාව වේ.
වාර්තාවේ ඉදිරිපත් කර ඇති තිරසාර දත්ත ගෝලීය වාර්තාකරණ වැඩසටහනේ ( Global Reporting Initiative (GRI) ) ප්‍රමිතීන්ට අනුකූලව එකතු කර, විශ්ලේෂණය කර, ප්‍රකාශයට පත් කෙරේ. GRI ප්රමිතීන් මත පදනම්ව වාර්තා කිරීම මඟින් SAGT හට එහි ක්‍රියාකාරකම්වල බලපෑම විනිවිදභාවයෙන් සහ ව්‍යුහාත්මක ලෙස වාර්තා කිරීමට හැකියාව ලබා දෙයි. 2021 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද නව GRI ප්රමිතීන්, SAGT විසින් මෙම වාර්තාවේ සපයා ඇති දත්ත ඉදිරිපත් කිරීමේදී යොදාගෙන ඇති අතර එය වැඩි විනිවිදභාවයක් සහ හොඳ වාර්තාකරණයකට ඉඩ සලසයි. 2021/22 සඳහා වන SAGT තිරසාර වාර්තාව සහ ඉදිරිපත් කරන ලද දත්ත, DNV GL විසින් ගෝලීය හොඳම භාවිතයන්ට අනුකූලව ස්වාධීනව විගණනය කර ඇත.
රට තුළ ඇති වූ වසංගත, දේශපාලන හා ආර්ථික ප්රශ්නවල අහිතකර බලපෑම් හේතුවෙන්, අස්ථාවර පාරිසරික සාධකවලට කර්මාන්තය අඛණ්ඩව මුහුණ දෙයි. මෙම අස්ථාවර පාරිසරික සාධක හේතුවෙන් මෙහෙයුම් සහ ව්‍යාපාරික අභියෝග වලට කර්මාන්තය මුහුණ දෙයි. මෙම අභියෝග මධ්‍යයයේ, වාර්තාකරණ කාල සීමාව තුළ කොළඹ වරාය එක් වසරක් තුළ එහි ඉහළම පරිමාව වන අඩි විස්සේ බහාලුම් ( TEU) මිලියන 7.25 වාර්තා කළේය. මෙම අභියෝග මධ්‍යයයේ වුවද, SAGT ආයතනය අඛණ්ඩව පර්යන්ත සේවා සැපයීම සිදු කළ අතර තිරසාර වර්ධනය දිගටම පවත්වාගෙන යාම සඳහා උපාය මාර්ගික ආයෝජන කිහිපයක්ද සිදු කර ඇත. මෙම ආයෝජන අතර, 2022 අප්‍රේල් මාසයේදී එහි නව නැව් සිට ගොඩබිමට (STS) බහාලුම් ගෙනෙන දොඹකර දෙකක් එක් කිරීම කැපී පෙනේ. නව STS දොඹකර දෙක, SAGT සතුව ඇති ද්විත්ව ඉසිලීමේ හැකියාවන් වැඩි දියුණු කරන අතර, පර්යන්තයේ මෙහෙයුම්වල ඵලදායිතාව ඉහළ නංවයි. තවද SAGT ආයතනය විසින් නව ටොන් 5 ෆෝක්ලිෆ්ට් එකක් සහ එන්ජිමෙන් ක්‍රියාත්මක වන උත්පාත ඉසිලීමේ යන්ත්‍රයක් (boom lift) යොදවා ඇති අතර නඩත්තු ධාරිතාව වැඩි දියුණු කිරීම සහ පුළුල් පර්යන්ත සේවා සඳහා සහාය වීම සඳහා නව දොඹකර සහිත ගොඩබාන යන්ත්‍රයක්ද (reach stacker ලබා ගැනීමට අපේක්ෂා කරයි.
SAGT ආයතනය තිරසාරත්වයේ පාරිසරික අංශය සඳහා අඛණ්ඩව කැපවී සිටී. සමාගම විසින් සමාලෝචිත වර්ෂය තුළ රබර් ටයර් සහිත ජංගම දොඹකර (RTG) 20 ක් දෙමුහුන් කිරීම සම්පූර්ණ කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස සම්පූර්ණ ඩීසල් පරිභෝජනය 23% කින් අඩු විය. ඩීසල් පරිභෝජනය අඩුවීම හේතුවෙන් එම කාලය තුළ SAGT හි කාබන් පියසටහන 16% කින් අඩු විය. අලුතින් ලබාගත් නවීන තාක්ෂණය නිසා යන්ත්‍රවල එන්ජින් ක්‍රියාකාරිත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමට හැකි වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස නඩත්තු වියදම් අඩු වී ඇත. තවද, යගිරල වැසි වනාන්තරයේ තවත් අක්කර 4 ක භූමි ප්‍රමාණයක් නැවත වන වගා කිරීම තුළින් පරිසර සංරක්ෂණය සඳහා තම කැපවීම සමාගම පෙන්වා ඇත. SAGT ආයතනය විසින් කාන්දු වන බහාලුම් නිරෝධායනය කිරීමට සහ පරිසර හිතකාමී ලෙස අනතුරුදායක ද්‍රව්‍ය බැහැර කිරීමට ඉඩ සලසන යටිතල පහසුකම් සඳහාද විශාල ආයෝජනය කර ඇත.
සමාලෝචන කාල සීමාව තුළ, SAGT ආයතනය සිය සේවකයින්ගේ සහ අවට ප්රජාවන්ගේ යහපැවැත්ම සඳහා ආයෝජනය කිරීම තුලින් සිය කැපවීම පවත්වාගෙන යන ලදි. SAGT විසින් පළමු කොවිඩ්-19 එන්නත් දෙක සහ බූස්ටර් එන්නතක් එහි කාර්ය මණ්ඩලයට සහ තෙවන පාර්ශවීය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීමට කටයුතු කල අතරම අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා හෘද රෝග ඒකකයට බහුවිජන්යාය (Multipara) මොනිටරයක් ද ලබා ගැනීමට අනුග්‍රහය දැක්වූයේය. මෙමඟින් සංජානනීය හෘද රෝගවලින් පෙළෙන දරුවන් කලින් හඳුනාගැනීමට මෙන්ම වෙලාවට හා නිවැරදි ප්‍රතිකාර ලබා දීමටත් අවශ්‍ය වන වඩා හොඳ පරීක්ෂණ උපකරණ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබී ඇත. එමෙන්ම, 2021 ජූනි මාසයේ ගංවතුරෙන් විපතට පත් වූ රේගු නිෂ්කාශන නියෝජිතයන් වෙත සමාගම විසින් සලාක ඇසුරුම් ද සපයන ලදී.
වාර්තාව ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් SAGT හි ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ් ප්‍රකාශ කළේ, “දශක දෙකකට වැඩි කාලයක් දකුණු ආසියානු කලාපයේ පර්යන්ත ක්‍රියාකරුවන් අතරින් නව තාක්ෂණයන් වැලඳගැනීමේ සහ කාර්ය සාධන මට්ටම ඉහළ නැංවීම අතින් SAGT ආයතනය ඉදිරියෙන්ම සිටී. අඛණ්ඩව තෙවන වසර සඳහා අපගේ තිරසාර වාර්තාව ප්‍රකාශයට පත් කිරීමේදී, SAGT ආයතනය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව කලාපය තුළ ද කර්මාන්තයේ ප්‍රමුඛයෙක් වීම අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි. සමාගමේ අනාගතය සම්බන්ධයෙන්, ඔහු තවදුරටත් පැවසුවේ, “ඉදිරිය දෙස බලන විට, අපි අපගේ මූලික හරයන් මත දැඩි ලෙස කැපවී සිටින අතර, ප්‍රධාන තිරසාර ගැටළු සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය අඛණ්ඩව ශක්තිමත් කරන අතරම අපගේ ප්‍රගතිය විවෘතව හා විනිවිදභාවයෙන් සන්නිවේදනය කරන්නෙමු”.
සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්ව බහාලුම් පර්යන්තය වන අතර (ආසන්න වශයෙන් 60% ශ්‍රී ලංකා රජයේ කොටස් හිමිකාරීත්වයක් සහිත) සහ කොළඹ වරාය දකුණු ආසියාවේ ගෝලීය වෙළඳාමේ ප්‍රමුඛතම ද්වාර කේන්ද්‍රස්ථානය ලෙස දියත් කරමින් 1999 දී මෙහෙයුම් ආරම්භ කරන ලදී. අද, පර්යන්තය කොළඹ වරායේ ක්‍රියාකරුවන් තිදෙනෙකුගෙන් එකක් වන අතර ජාත්‍යන්තර බහාලුම් නැව් ප්‍රජාවට තරඟකාරී ඉහළම පංතියේ හොඳම සේවාවක් අඛණ්ඩව ලබා දෙයි. SAGT යනු ආයෝජන මණ්ඩලයේ ප්රමුඛ සමාගමක් වන අතර එහි කොටස් හිමියන් වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් , මර්ස්ක්/ ඒ පී එම් ටර්මිනල්ස් , ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එවර්ග්‍රීන් මැරයින් කෝපරේෂන් වේ.
සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පුද්ගලික සමාගම
mawbima e paper