අපොස උසස් පෙළ විභාගය පැවත්වීමේ දින තවත් මාස දෙකකින් කල් දැමුහොත් ඒ වෙනුවෙන් පෙබරවාරි මාසයේදී පාසල් දස දහසක් වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එපමණක් නොව පාසල් කාල සටහන් මෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයද ඒ අනුව කල් දැමීමට සිදුවන බව ඇමැතිවරයා කීවේය.
උසස් පෙළට දෙවැනි හා තෙවැනි වරට පෙනී සිටින දරුවන්ට මෙවර 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවට අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව කියා සිටියේය.