ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.
ලෝක ආහාර වැඩසටහනේ වාර්තාව උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වාදෙන්නේ මේ වසරේ ඔක්තොම්බර් මාසයේ සිට ලබන වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19ක ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බවයි.
උග්‍ර ආහාර අනාරක්ෂිතතාව සහිත රටවල් අතර ඇෆ්ගනිස්තානය, ඉතියෝපියාව, නයිජිරීයාව, දකුණු සුඩානය, සෝමාලියාව සහ යේමනය නම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද එම අවදානමට ළංවෙමින් පවතින බව සඳහන් කර තිබේ.
infolanka news room