අමෙරිකානු මහාද්වීපය හරහා හමා යමින් තිබෙන ඉයන් සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් කියුබාවේ විදුලි බලය මුළුමනින්ම විසන්ධි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට බටහිර අන්තයෙන් රට තුළට කඩා වැදුණු මේ ප්රචණ්ඩ සුළි කුණාටුව මිනිත්තු කිහිපයක් ඇතුළත මුළු කියුබාවම අඳුරේ ගිල්වූ අතර, එය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව ද වාර්තා වේ.