Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සූර්ය බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතියක් අරඹයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කෙරෙන බවද අමාත්‍යවරයා කීය.ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිව තිබෙි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2017 වසරේ සිට අඩු ආදායම්ලාභී පවුල් වෙත ආධාර පදනමින් ඇරැඹූ නිවාස ව්‍යාපෘති රැසක් අතරමඟ නතරවී ඇතැයි ද ඒ අනුව මොණරාගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර, වවුනියාව,මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක 11හි රජයේ ඉඩම්වල, ඇති තෝරාගත් නිවාස වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

infolanka news

Scroll to Top