Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බොරතෙල් ප්‍රමිතිය ගැන සැකයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඛනිජ තෙල් සංස්ථාවට ලිපියක් ඉදිරිපත් කළේය.

ඒ, මෙරටට රැගෙන එනු ලැබූ බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලමිනි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා,

“අද අපි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ආවා. විශේෂයෙන්ම අද අපි භාරදුන්නා තොරතුරු දැනගැනීමේ පනත අනුව ඒක භාරව ඉන්න නිලධාරී මත්තයාට තොරතුර කිහිපයක් ඉල්ලලා. මොකද අපි දන්න මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ බොරතෙල් ගෙන්වීමේදී විශාල ලෙස වංචා සහ දූෂණ සිදුවෙනවා කියන එක අද වෙනකොට ප්‍රසිද්ධ රහසක්. එකක් අපි දන්නවා.. කිසිදු ආකාරයේ ටෙන්ඩර් ක්‍රියාදාමයකින් තොරව තමන් හිතන තමන්ට කැමති සමාගම්වලින් තෙල් ආනායනය කරනවා කියන චෝදනාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අද වෙනකොට තිබෙනවා. ඒ වගේම මේ රටේ ඩොලර් හිඟයක් තියෙද්දි විශාල වශයෙන් තෙල් නැව් ගෙන්නලා දවස් ගණන් මුහුදේ නවත්තගෙන ඉදලා ඒ තෙල්වල ප්‍රමාද ගාස්තු ඩොලර් මිලියන ගණන් අද වෙනකොට ගෙවලා තියෙනවා.”

Scroll to Top