බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ පේර කලාපයේ පරිසර විනාශයක් කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි නෝර්වුඩ් ප්රාදේශය සභාවේ විපක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු (27) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හෝර්ටන් තැන්න වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යාන රක්ෂිතයට මායම්ව පිහිටි බගවන්තලාව මහඑළය රක්ෂිතයේ විශාල පිරිසක් පරිසර හානියක් සිදු කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානයේ වනජිවි නිලධාරින් පිරිසක් මෙහෙයුමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රක්ෂිතය තුල අනවසරයෙන් මැණික් ගරමින් සිටි තවත් විශාල පිරිසක් රක්ෂිතය තුල පලා ගිය බවත්,අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත (27) දන ඉදිරිපත් කරන බව එම නිලධාරියා පැවසිය.
රංජිත්
gossip hot news