අද (23) දිනය තුළ ගල්අඟුරු තොගයක් සඳහා ඇණවුමක් ඉදිරිපත් නොකළහොත් ඔක්තෝබර් මස 28 වනදා සිට යළිත් දිනකට පැය 08 සිට 10 දක්වා කාලයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව වාර්තා වෙයි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඒ බව පැවසීය.
“28 වනදා වෙනකම් අපිට ගල්අඟුරු සංචිත තියෙනවා. ප්රශ්නය තියෙන්නේ.. 28න් පස්සේ අපිට ගල්අඟුරු නැති වුණොත් මේ බලාගාර 3ම වහන්න වෙනවා. මෙගාවොට් 820ක් විතර නැති වෙනවා. පැය 8ක 10ක විදුලි කප්පාදුවකට යන්න වෙනවා.. අපිට අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය අද හෝ හෙට ඇනවුම් නොකළොත්. දින 5කට සැරයක් අපිට ගල්අඟුරු නැවක් ළඟාවිය යුතුයි.”