Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බගවන්තලාව ප්‍රධාන මාර්ගයට කන කොකා හඬයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමට වැඩ ආරම්භ කර දැනට නතර කර ඇති නොර්වුඩ් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු යලි ආරම්භ කරන ලෙස බලකරමින් බගවන්තලාව නගරයේ උද්ඝෝෂණයක්.

කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමට මිට වසර දෙකකට පමණ ප්‍රථම ආරම්භ කල දැනට එම ප්‍රතිසංස්කරණ කටයුතු නතර කර ඇති නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා වු ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු යලි කඩිනමින් ආරම්භ කරන ලෙස බල කරමින් බගවන්තලාව ටින්සින් නගරයේදි (20) දින උද්ඝෝෂණයක් සිදු කරනු ලැබුහ.

එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ හිමියන් , ත්‍රිරෝද රථ රියදුරන් , ව්‍යාපාරිකයන් ඇතුළු වතු කම්කරුවන් පිරිසක් මෙම උද්ඝෝෂණය සිදු කලහ.

උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ බගවන්තලාව , බලංගොඩ ප්‍රධාන මාර්ගය නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කිලෝමිටර් ලක්ෂයක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතියට සමගාමිව කිලෝමිටර් 15 ක් ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතු මිට වසර දෙකකට පමණ ප්‍රථම ආරම්භ කර දැනට එම ප්‍රතිසංස්කරණ කටයුතු නතර කර ඇති බවයි.

එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නතර කිරිම නිසා ප්‍රතිසංස්කරණ කටයුතු වලට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගය පුළුල් කිරිමේදි කඩතුළු වු මාර්ගයේ ස්ථාන කිහිපයක් පැවති වර්ෂාවත් සමග එම කඩතුළු වු ස්ථාන මේ වන විට විශාල වලවල් බවට පරිවර්තනය වි ඇති බවයි.

එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි වාහන නිරන්තරයෙන් කාර්මික දෝෂ වලට ලක් වන බවත්, එම කාර්මික දෝෂ අළුත්වැඩියා කිරිමට අමතර කොටස් නොමැති විම හමුවේ එම මාර්ගයේ ධාවනය කල ඇතැම් වාහන තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට සිදු වි ඇති බවයි.

බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව විශාල කම්කරුවන් පිරිසක් සේවය නිරතව සිටින අතර, එම තේ වතු ගණනාවකම නිෂ්පාදිත නිමි තේ වෙන්දේසිය සදහා ප්‍රවාහනය කිරිමටද නොහැකි තත්ත්වයක් මාර්ගයේ පවතින අබලන් තත්ත්වය නිසා බාධා පැමිණි ඇති බවයි.
දැනට මාර්ගයේ කඩතුළු වි විශාල වලවල් හැරි ඇති ස්ථාන ප්‍රතිසංස්කරණය කර දිමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත යුතු බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ රංග දේවප්‍රිය මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට සමගාමිව මාර්ගයේ කිලෝමිටර් 4 ක් ස්ථාන කිහිපයකින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇති බවයි.

දැනට ඩිසල් ඉන්ධන සහ මාර්ග ප්‍රතිසංස්කරණය අවශ්‍ය තාර තම කාර්යාලයට ලැබෙමින් පවතින බවත්, ඒ අනුව එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු යලිත් ආරම්භ කරන තෙක් මාර්ගයේ කඩතුළු වි ඇති ස්ථාන , විශාල වලවල් හැරි ඇති ස්ථාන ප්‍රතිසංස්කරණය කර දිමට අවශ්‍ය කටයුතු කරන බවයි.

රංජිත් රාජපක්ෂ

Scroll to Top