එංගලන්තයේ ලන්ඩන් නුවර වින්ඩ්සර් මාලිගා පරිශ්‍රයේ පිහිටි සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ තිබෙන රාජකීය සොහොන් ගැබ වසර 20 කට පසුව අද විවෘත කෙරෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. ඒ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය තැන්පත් කිරීම සදහායි. ඇයගේ පියා වන හය වන ජෝර්ජ් රජුගේ මෙන්ම මව් රැජිණියගේ දේහයන් ද මිහිදන් කර ඇත්තේ එම රාජකීය සොහොන් ගැබ තුළ බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ.
ඒ අසලින් දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මිහිදන් කිරීමට නියමිතයි. රැජින අභාවප්‍රාප්ත වන තුරු ආරක්ෂිතව තැන්පත් කර ඇති පිලිප් කුමරුගේ දේහය ද දෙවන එලිසබෙත් රැජිනගේ දේහය සමගින් මිහිදන් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවට සහභාගී වීම සදහා අවසර හිමිවන්නේ දෙවන එලිසබෙත් රැජිනගේ දරුවන් සිව්දෙනාට පමණක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා එංගලන්තය වැසියන් දහස් ගණනක් මේවනවිටත් දිගු පෝළිම්වල රැදී සිටිනවා. අද පැවැත්වෙන රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා විදෙස් රාජ්‍ය නායකයින් රැසක් ද මේවනවිටත් ලන්ඩනයට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අවමංගල්‍ය උත්සවයේ 19 සඳුදා නිල කාලසටහන
සැප්තැම්බර් 19 සඳුදා
පෙ.ව. 6:30 (SL Time – 11 am): රැජිණගේ දේහයට මහජනතාවගේ ගෞරව දැක්වීම අවසන් කෙරේ.
පෙ.ව. 10.44: රැජිනගේ දේහය රැගත් මංජුසාව ඇගේ අවමංගල්‍ය කටයුතු සඳහා වෙස්ට්මින්ස්ටර් මාලිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ දක්වා පෙරහැරකින් ගෙන යනු ලැබේ. මංජුසාව පසුපසින් චාල්ස් රජු, රාජකීය පවුලේ සාමාජිකයන් එක් වනු ඇත.
පෙ.ව. 11.00 (SL Time – 3.30pm): රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ආරම්භ වේ. ලොව පුරා සිටින රාජකීයයන්, රාජ්‍ය නායකයන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් මීට සහභාගී වනු ඇත.
පෙ.ව. 11:55: සියලු කටයුතු මිනිත්තු 55 කින් අවසන් වන අතර අවසාන සටහන එක්සත් රාජධානිය පුරා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවකින් පසුව ඇසෙනු ඇත.
ප.ව. 11:59: ජාතික ගීය ගායනා කර රාජ්‍ය අවමංගල්‍ය සේවය අවසන් කරයි
ප.ව. 12:00: රැජිනගේ දේහය රැගත් මංජුසාව පැය 4 ක පමණ කාලයක් නගරයේ ස්මරණීය ස්ථාන වටා බුහුමන් සහිතව ගමන් කරවන පෙරහැර ආරම්භ වේ. මුලින් පෙරහැරකින් වෙලින්ටන් ආරුක්කුව, හයිඩ් පාර්ක් කෝනර් වෙත පැයක් ගමන් කරයි.
පව.1:00ට හයිඩ් පාර්ක් කෝනර් වෙත ළඟා වනු ඇත. චාල්ස් රජු සහ රජ පවුල නැවතත් පෙරහැරේ ගමන් කරනු ඇත.
දේහය රැගත් මංජුසාව වින්ඩ්සර් වෙත ගමන් කිරීම සඳහා රාජකීය මීනී රථය වෙත මාරු කරනු ලැබේ.
දේහය රැගත් මංජුසාව වින්ඩ්සර් වෙත ළඟා වූ විට, රාජ්‍ය මිනී රථය ‘කැපවීමේ සේවාව‘ පැවැත්වීම සඳහා වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට සෙමින් ගමන් කරනු ඇත. දිගු පෙරහැර ඇවිදීමක් ලෙස මෙය සිදුවේ. එහිදී රාජකීය පවුලේ සාමාජිකයන් වින්ඩ්සර් මාලිගයේ චතුරස්රයේදී පෙරහැරට එක්වනු ඇත.
ප.ව. 4:00: ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ‘කැපවීමේ සේවාව‘ ආරම්භ කරන්නට නියමිතය.
මීට එක්වනු ඇත්තේ රැජිනගේ ගෘහයේ සහ රාජකීය පවුලේ අතීත සහ වර්තමාන සාමාජිකයින් පමණි. මෙම සේවාව වින්ඩ්සර් දේවගැතිවරයා විසින් මෙහෙයවනු ලැබේ.
ප.ව. 7:30 (SL Time – 12.00am): රැජිණගේ පියා ඇතුළු පවුලේ අයව මිහිදන් කළ VI වන ජෝර්ජ් අනුස්මරණ දේවස්ථානයේ සුසාන භූමියේදී පෞද්ගලිකව භූමදානය සිදු කෙරේ. මෙම අවස්ථාවට චාල්ස් රජු සහ රාජකීය පවුලේ සාමාජිකයන් පමණක් එක්වනු ඇත.