Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අඟහරු මතුපිට ජීවය තිබුණු බවට සාක්ෂි හමුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අඟහරු ගවේෂණය කරන නාසා ආයතනයේ ‘පර්සිවියරන්ස්’ රොබෝ යානයට අඟහරු මතුපිට ජීවටය පැවැති බවට සාක්ෂි හමුවී ඇත.

ඒ, වසර දහස් ගණනක් තිස්සේ සිඳී ගිය ඩෙල්ටාවක පස් පරීක්ෂා කරද්දී ක්ෂුද්‍රජීවීන් සිටි බවට ‌තොරතුරු හමුවීමත් සමඟය. ‘පර්සිවියරන්ස්’ රොබෝ රෝවර් යානය අඟහරු මතුපිට ඇති දැවැන්ත ආවාටයක් පරීක්ෂා කරයි.

මෙම ආවාටය හැඳින්වෙන්නේ ‘ජෙසෙරෝ’ යනුවෙනි. ‘පර්සිවියරන්ස්’ රොබෝ රෝවර් යානය අඟහරු මතුපිටට ගොඩබෑවේ 2021 වසරේ දීය.

‘පර්සිවියරන්ස්’ රොබෝ රෝවර් යානයේ අරමුණ අද නිසරු තැනක් බවට පත් වුණු අඟහරු මතුපිට අතීතයේ ජීවය පැවැතියේ ද යන්න පිළිබඳ සාක්ෂි සෙවීමය.

Scroll to Top