Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝබර් 16වැනිදා සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායමේ සියලුදෙනා එකම මට්ටමක සිටීම හේතුවෙන් තමන්ට කණ්ඩායම පාලනය කිරීමට පහසු වී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක.

“ටීම් එකේ එක නමක් කියලා කවුරුවත් වෙනම ඉන්න හදන්නේ නෑ. IPL ක්‍රීඩා කරලා තියෙනවා හසරංග, චාමික, භානුක, ඒ වගේම අනිත් ලීග්ස් ඔක්කොම ක්‍රීඩා කරනවා. එතකොට එහෙම ගැහුවා කියලා කවුරුත් “මං පොර” කියන තැන ඉන්නේ නෑ. හැමෝම එක ලෙවල් එකට බැහැලා, ටීම් එකේ හැමෝම එක මට්ටමින් හිතන තැන ඉන්නේ. මම හිතන්නේ ඒක මාර උදව්වක්, වනිඳු පොඩි කෙනෙක් ට ගිහිල්ලා මොනවා හරි උපදෙසක් දුන්නම ඒක ගොඩක් වෙලාවට ඇප්ලයි කරනවා, ඒ වගේම අනිත් ක්‍රීඩකයෝ දෙන ඒවත් අහලා ඒ වෙලාවට තීරණය කරනවා මොකක්ද කරන්න ඕන හරි දේ කියලා. ඒක හින්දා තමයි මම හිතන්නේ මට ලේසි වෙන්නේ කණ්ඩායම මෙහෙයවන්න. මට තනියම ක්‍රෙඩිට් එක ගන්න බෑ කොයිම වෙලාවකවත්. කණ්ඩායම විදියට ඒ කණ්ඩායමේ ඉන්න හැමෝම, හැම සාමාජිකයෙක්ටම ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕන. ඒකයි විශේෂත්වය කණ්ඩායමේ තියෙන.”

සංචිතය පහත පරිදි වේ.

දසුන් ශානක – නායක
ධනුෂ්ක ගුණතිලක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
ධනංජය ද සිල්වා
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
ලහිරු කුමාර
ඩිල්ෂාන් මදුශංක
ප්‍රමෝද් මදුෂාන්

(අතිරේක)

අෂේන් බණ්ඩාර
ප්‍රවීන් ජයවික්‍රම
දිනේෂ් චන්දිමාල්
බිනුර ප්‍රනාන්දු
නුවනිදු ප්‍රනාන්දු

Scroll to Top