Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බලලෝභීන්ගේ වංචා දූෂණ නිසා ශ්‍රී ලංකාවට ආර්ථික අපරාධ චෝදනා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති ආර්ථික අපරාධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලය තුළ මේ වනවිට දැඩි අවධානයට ලක්වී තිබේ.

මහකොමසාරිවරියගේ වාර්තාවේ මේ පිළිබඳව සඳහන්ව තිබූ අතර , සැසිවාරය ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කළේ, ආර්ථික අපරාධ චෝදනා කොමිසමේ බලතල ඉක්මවා යාමක් බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ, සියලු ප්‍රජාවන්ගේ මානව හිමිකම්වලට බලපෑමක් වී ඇති ආර්ථික අර්බුදයට තිරසර විසඳුම් ලබාගැනීමට නම් මුල් බැස ඇති දූෂණ කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි.

අතීතයේදී හා මෑතකදී ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් , ආර්ථික සාපරාධ සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් හා සත්‍යගහයක් සංවිධානය කර තිබිණි.

මර්දනය නවතනු, අරගලයට අත නොතබනු, අරගලයේ ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු, අරගලයට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගනු, ලංකාවේ ආණ්ඩුවේ අත්තනෝමතික මර්දනයට එරෙහි වෙමු ආදි සටන්පාඨ පුවරු රැගත් යුරෝපයේ වෙසෙන විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ආරම්භ වූ දින ජිනීවා පිහිටි එම කාර්යාලය ඉදිරිපිට සත්‍යගහයක් ද පැවැත්විණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු සඳහා රැඳවුම් නියෝග (DO) නිකුත් කිරීම,සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම, පැහැරගැනීම්, සිරගත කිරීම් සහ බිය ගැන්වීම් පිළිබඳ ශ්‍රී ලංකා රජයට චෝදනා කරන වගන්ති 31 න් යුත් වාර්තාවක් නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් බාරදීමට නියමිතව ඇත.

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව යුරෝපයේ වෙසෙන ලාංකිකයන් ස්ට්‍රාස්බර්ග් පිහිටි යුරෝපීය පාර්ලිමේන්තුව ඉදිරිපිටද ඉදිිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුුතු කරන බව මෙහි සංවිධානයෙක් පැවසීය.

 

Scroll to Top