Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාව 06වෙනි වරටත් ආසියානු කුසලානය දිනා ගනී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාකිස්ථාන පිල ලකුණු 23කින් පරාජය කරමින් ආසියානු කුසලානය ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වුවා. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබූ 6 වන අවස්ථාව මෙයයි.

එමෙන්ම ශ්‍රී ලංකා පිල ආසියානු කුසලානය දිනා ගනු ලැබුවේ වසර 08කට පසුව වීමද විශේෂත්වයක්.

අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ 2014 වර්ෂයේ දීය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය.

පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ගේ තර්ජනය හමුවේ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුළු 5 ලකුණු 58කට දැවී ගියා.

ඉන් අනතුරුව භානුක රාජපක්ෂ සහ වනිදු හසරංග ශ්‍රී ලංකා පිලට නව ජීවයක් ගෙන දෙමින් සය වෙනි කඩුල්ලට ලකුණු 68ක් රැස් කරනු ලැබුවා. වනිදු හසරංග පන්දු 21කදී වේගවත් ලකුණු 36ක් රැස් කර ගනු ලැබුවා.

වනිදු හසරංග ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි චාමික කරුණාරත්න සමග එක්වූ භානුක රාජපක්ෂ 7 වෙනි කඩුල්ල සඳහා ලකුණු 54ක් රැස් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැලුණු භානුක රාජපක්ෂ පන්දු 45කදී නොදැවී ලකුණු 71ක් රැස් කරනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.

ශ්‍රී ලංකා පිලේ නවක වේග පන්දු ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ලකුණු 34 කට කඩුළු 4ක්, වනිදු හසරංග ලකුණු 27 කට කඩුළු 3ක් දවා ගනු ලැබුවා.

2022 ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුභාශිංසන පිළිගන්වා තිබේ.

ආසියානු ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහිව අවසන් මහා තරගයෙන් වාර්තාගත විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් අපේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කීර්තිනාමය නැවත ජාත්‍යන්තරය හමුවේ ඔසවා තබා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

මෙම සියලු ජයග්‍රහණයන්ට නායකත්වයේ සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ එකමුතුව සහ අසීමාන්විත කැපවීම ඉවහල් විය. ඒ වෙනුවෙන් කැප වූ පුහුණුකරුවන්ට, කළමණාකාරිත්වයට හා පරිපාලනයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්තූතිය පුද කර සිටී.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්ත්වය හමුවේ වුවද මාතෘ භූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග්‍රහණය තෙක් සියලුදෙනා කළ පොදු කැපවීම ක්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්ෂේත්‍රවල දෙවන පරපුරට ද මහඟු ආදර්ශයක් බව සඳහන් කරන ජනාධිපතිතුමා මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුදෙනා වෙත හෘදයාංගම ස්තූතිය පිරිනමන බවද මෙම නිවේදනයේ සඳහන්ය.

 

Scroll to Top