පාන් පිටි අවශ්‍ය තරම් තොග වෙළෙඳපොළේ තිබෙන බවට වෙළෙඳ ඇමැතිවරයා ප්‍රකාශ කළද ඉදිරි සති තුන තුළ පාන් පිටි හිඟයක් නිර්මාණය වන බව ආනයනකරුවෝ පවසති.
ඉන්දියාව පාන් පිටි අපනයනය නතර කිරීම නිසා පාන්පිටි ගෙන්වීම නතර කිරීමට ආනයනකරුවන්ට සිදුව ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවට පාන්පිටි ආනයනය කිරීමට සිදුව ඇත්තේ තුර්කියෙන් හා ඩුබායිවලිනි. ආනයනකරුවන් එම රටවලින් ඇණවුම් කර ඇති පාන්පිටි රැගත් නෞකා මෙරටට ළඟා වන්නේ මෙම මස තිස්වැනිදාය.