Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2 වන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයට අද නව රජෙකු පත්වුනා. ඒ, චාල්ස් පිලිප් ආතර් ජෝජ්, බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් ලෙස අද දිනයේ නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමගයි.

නව රජු පත් කර ගැනීම එංගලන්තයේ ලන්ඩන් අගනුවර ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති සාම්ප්‍රදායික උත්සවයකදී සිදු කෙරුණා. එහිදී රාජකීය උපදේශක සභාව හමුවේ චාල්ස් කුමරු දිවුරුම් දුන්නේ බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජු ලෙසයි.

උත්සව අවස්ථාව සදහා චාල්ස් රජුගේ රාජකීය සහකාරිය වන කැමිලා පාකර්, රජුගේ පුත් විලියම් කුමරු මෙන්ම බ්‍රිතාන්‍යය හිටපු අග්‍රාමාත්‍යවරුන් 6 දෙනෙකුගෙන් ප්‍රමුඛ දේශපාලනඥයින් පිරිසක් සහභාගී වුණා.

පැමිණ සිටි හිටපු අග්‍රාමාත්‍යවරුන් වන්නේ ටෝනි බ්ලෙයාර්, ග්‍රොර්ඩන් බ්‍රවුන්, ශ්‍රීමත් ජෝන් මේජර්, ඩේවිඩ් කැමරන්, තෙරේසා මේ සහ බොරිස් ජොන්සන්. රජු දිවුරුම් දීමෙන් අනතුරුව සිදු වුණේ නව රජු පිළිබද ජනතාවට නිළ වශයෙන් දැනුම් දීමයි. ඒ අනුව ශාන්ත ජේම්ස් මාලිගයේ සදලුතලයේදී 3 වන චාල්ස්, බ්‍රිතාන්‍යයේ මීළග රජු බව ජනතාවට නිල වශයෙන් දැනුම් දුන්නා.

රජු පිළිබඳ නිළවශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමග බ්‍රිතාන්‍යය වැසියන් ”ගෝඩ් සේව් ද කින්” යනුවෙන් හඩනගා පවසමින් සිය සතුට ප්‍රකාශ කළා.

දෙවන එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වනවිට රැඳී සිටි ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ සිට ඇයගේ දේහය අද (11) රැගෙන යාමට නියමිත බව බී. බී. සී. පුවත් සේවය වාර්තා කළේ ය.

රාජකීය අවමංගල්‍ය රථයකින් රැජිණගේ දේහය ඇබර්ඩීන්, ඩන්ඩී සහ පර්ත් යන නගර හරහා කිලෝමීටර 280 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව එඩින්බරෝ හි හෝලිරූඩ්ස් මාළිගය වෙත ළඟවනු ඇත.

අභාවප්‍රාප්ත වූ එලිසබෙත් රැජින ගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වනදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදුකිරීම ට තීරණය කර තිබේ.

මේ බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙන බව වාර්තා වේ.

ඊට පෙර දින 4ක් දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබීමට නියමිතය.

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව ලබන 19 වැනිදා දක්වා ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.

දෙවැනි එළිසබෙත් මහ රැජින වර්ෂ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද කටයුතු කළ අතර රැජිණගේ අභාවය වෙනුවෙන්  (09) පාර්ලිමේන්තුවේදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්ද පවත්වනු ලැබුණි.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුණි.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද විපක්ෂයේ ශෝකය පළ කරනු ලැබුවේය.

Scroll to Top