ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ පාකිස්තානු කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයෙන් ශ්රී ලංකා කණ්ඩායම කඬුලු 05 කින් ජයගැනීමට සමත් වුණා.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 19 යි එක් පන්දුවක් තුළදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 121 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 121 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඬුලු 05 ක් පමණක් දැවී ලකුණු 124 ක් ලබාගනිමින් ජයග්රාහී ඉලක්කය පසු කරගියා.
ශ්රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 48 ක් තුළ නොදැවී ලකුණු 55 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ එක් හයේ පහරක් ඇතුලත්. භානුක රාජපක්ෂ පන්දු 19 කදී ලකුණු 24 ක් රැස් කළේ හයේ පහර 2 ක්ද එල්ල කරමින්. නායක දසුන් ශානක ලකුණු 21 යි. පන්දු 16 කට මුහුණ දුන් ඔහු එක් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් ද එල්ල කළා.
මෙවර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටය අපරාජිතව අවසන් කිරීමට ශ්රී ලංකාවට හැකි විය.
ශ්රී ලංකාව සහ පකිස්ථානය සහභාගී වන අවසන් මහා තරගය හෙට(11) රාත්රී 7.30ට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.