ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දීයාව පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකා පිල සුදුසුකම් ලැබීය.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය.
ලකුණු 174 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5 ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.
ශ්රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් රැස්කර ගැනීමට සමත් විය.
පැතුම් නිශ්ශංක ලකුණු 52ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 25 ලබාගත්තේය.
නායක දසුන් ශානක නොදැවී ලකුණු 33යි.
ඒ අනුව ශ්රී ලංකා පිලට කඩුළු 6ක ජයක් හිමිවිය.
තරගයේ වීරයා සම්මානය ශ්රී ලංකා පිලේ නායක දසුන් ශානක විසින් දිනා ගනු ලැබීය.
මෙම ජයග්රහණයත් සමඟ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකා පිල සුදුසුකම් ලැබීමට සමත්විය.
මෙම පරාජයත් සමඟ ඉන්දියානූ කණ්ඩායම ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියෙන් ඉවත්වීමේ අවධානමක් මතුව පවතී.
ශ්රී ලංකා පිල සහභාගි වන අවසන් තරඟය ලබන සිකුරාදා(9) පස්වරු 7.30ට පකිස්තානය සමඟ පැවැත්වේ.