Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කැලණි ගඟ අවදානම් – ලක්ෂපාන සහ කැනියොන් ජලාශ වල වාන් දොරටු තවදුරටත් විවෘතයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පොෂක ප්‍රදේශවලට තවදුරටත් විටින් විට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන සහ කැනියොන් ජලාශ වල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබෙන බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

කැනියොන් ජලාශයේ වාන් දොරටු තුනක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් මෙසේ විවෘත කර ඇති බවත්, ජලාශ වාන් දොරටු විවෘත කිරිමත් සමග කැලණි ගගේ ජල මට්ටමට තරමක් ඉහල ගොස් ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති නිසා කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල උපරිම ධාරිතාවෙන් විදුලි උත්පාදනය කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

රංජිත්

Scroll to Top