Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සියලු ග්‍රාම නිලධාරී වසම් පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් සවිබල ගන්වයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට සියලු ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය, ආර්ථික, පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අද නිකුත් කර ඇති අතර, ඒ යටතේ අදාළ ග්‍රාම නිලධාරී වසම්වල සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මෙන්ම ගම් මට්ටමින් සේවා සපයන සියලු නිලධාරීන් එම වැඩපිළිවෙලට සහය ලබාදිය යුතුයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, මෙන්ම ග්‍රාමීය මට්ටමේ සේවයේ නියැලෙන ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රශස්ත ඵලදායීතාව ලබාගැනීමටද මෙම වැඩසටහන හේතුවන බවයි.

Scroll to Top