Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කැලණි ගඟ සුළු ගංවතුර මට්ටමේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කැලණි ගඟ තවදුරටත් සුළු ගංවතුර මට්ටමට ළඟා වෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි ගඟේ, දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දැරණියගල, දොම්පේ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, බියගම, කොළාන්නාව, කොළඹ සහ වත්තල පහත්බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතුයි.

මහඔය, අත්තනගළු ඔය, කළු, නිල්වලා සහ ගිං ගංගා පිළිබඳව ද ජනතාව අවධානයෙන් සිටිය යුතු බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මහඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති හෙයින් දැඩි ගංවතුර තත්ත්වක් ඇතිවීමේ අවදනාමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද අලුයම 5.30 වන විට දිවයිනේ වැඩිම වර්ෂාපතනය බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 8 කට නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා එම නිවේදන නිකුත් කළ බවයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්ක වලත් විටන් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (06) දින දහවල් 12:09 ට බෙන්තොට (කළුතර දිස්ත්‍රික්කය), පොතුපිටිය (රත්නපුර දිස්ත්‍රික්කය), බෝදාගම(මොණරාගල දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටන් විට වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.

(60-70)වැඩි විය හැක. පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-55) දක්වා වැඩි විය හැක.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්‍රදේශවලමුහුදුරළඋස (මීටර්. 2.0 – 2.5ක්පමණ) ඉහළයාමේහැකියාවක්දපවතී.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Scroll to Top