Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉහල කොත්මලේ, ලක්ෂපාන සහ කැනියොන් ජලාශ වල වාන් දොරටු විවෘත කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන සහ කැනියොන් ජලාශ වල වාන් දොරටු (06) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් , කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක් අගල් තුන බැගින් විවෘත කර ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශද පවතින වර්ෂාවත් සමග පිටාර මට්ටමට ආසන්න වි ඇති බවත්,එම ජලාශ වල ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට  ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් (05) දින රාත්‍රියේ සිට විවෘත කර (06) දින අලුයම ඉන් එක් වාන් දොරටුවක් වසා දැමු බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණ හොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ ගග දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස සහකාර අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටියි.

රංජිත් රාජපක්ෂ

Scroll to Top