නුවරඑලිය හොර්ටන්තැන්න ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිටි.
නුවරඑලිය ප්රදේශයට කඩින්කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් (06) දින උදැසන පස් කන්දක් කඩා වැටිම නිසා නුවරඑලිය හොර්ටනතැන්න පට්ටපොල ප්රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
එම මාර්ගයේ නානුඔය බ්ලැක්ෆුල් ප්රදේශයෙන් මෙම පස් කන්ද උදැසන 9.30 ට පමණ කඩා වැටුණු බවත්,ප්රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිමේ කටයුතු නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ සේවකයින් මේ වන විට ආරම්භ කර ඇති බවයි සහකාර අධ්යක්ෂකවරයා කියා සිටියේ.
ප්රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන නුවරඑලිය මාගස්තොට මාර්ගය භාවිතා කරන ලෙස නුවරඑලිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
රංජිත්