පාකිස්තාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පැවැති දෙවන තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණි.
ලකුණු 182ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
මේ අතර මුශ්ෆිකර් රහීම් ජාත්‍යන්තර 20 යි 20 ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ ය.
එක්දින සහ ටෙස්ට් තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගෙන තිබේ.
මෙම ජයග්‍රහණයත් සමග ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණිමට පකිස්තානය සමත් වුණා. දළ ලකුණු වේගය අනුව එම ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ඉන්දියාව සමග හෙට 06 වැනිදා පැවැත්වීමට නියමිතය.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතව තිබේ.