ගෘහස්ථ ගස් සිලින්ඩර මිල අද (05දා) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් අඩු කළ බව ලීටෝ සමාගම පවසයි.
ඒ අනුව කිලෝ ග්රැම් 12.5 රුපියල් 113 කින් අඩු කර ඇති අතර නව මිල 4551 කි.
කිලෝ ග්‍රෑම් 5 රුපියල් 45 කින් අඩු කර ඇති අතර නව මිල 1827 කි. කිලෝග්‍රෑම් 2.3 රුපියල් 21 කින් අඩුකර ඇති අතර නව මිල848 කි.
එම මිල සංශෝධනය ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව පසුගියදා හඳුන්වාදුන් මිල සූත්‍රයට අනුව සිදුකළ බව ලීටෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.