Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රතු නිවේදන

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹපළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට (06) දින දහවල් 12:09 ට බෙන්තොට (කළුතර දිස්ත්‍රික්කය), පොතුපිටිය (රත්නපුර දිස්ත්‍රික්කය), බෝදාගම(මොණරාගල දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Scroll to Top