අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයග්‍රහණයක් හිමිව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි කණ්ඩායම් හතරට මේ වන විට එක්ව තිබේ.
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ශ්‍රී ලංකාවේ ඇරයුමින්, පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 183කි.
මෙහෙදි හසන් ලකුණු 38 රැස් කිරීමට සමත් වූ අතර ,නායක ශකීබ් අල් හසන් ලකුණු 24 යි.
අෆීෆ් හුසේන් ලකුණු 39 ක් සහ මහමදුල්ලා ලකුණු 27 ක් රැස් කළේ ය.
වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.
පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 20 කට දැවී ගියේ ය.
චරිත් අසලංකට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණි.
කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් ශානක 05වන කඩුල්ල සඳහා ලකුණු 54ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය.
කුසල් මෙන්ඩිස් ලකුණු 60ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 45 යි.
චාමික කරුණාරත්න ලකුණු 16 යි.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන මීළඟ තරඟය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ හෙට (03) පස්වරු 7.30ට පැවැත්වීමට නියමිතයි.