Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දෙසැම්බරයෙන් පසු පාර්ලිමේන්තුව අතුලු අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍ර බිඳ වැටෙන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විශ්‍රාම වයස් සීමාව අවුරුදු හැට ලෙස ක්‍රියාත්මක කිරීමේ තීරණය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල මෙන්ම පළාත්වල අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීහු රැසක් එකවර විශ්‍රාම යති. අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු හය දෙනාගෙන් සිව් දෙනෙක්ද විභාග කොමසාරිස් ජනරාල් හා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් මෙන්ම ඌව සහ මධ්‍යම හැර සෙසු පළාත්වල පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු හත් දෙනාද මේ අතර වෙති.

මීට අමතරව කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු පිරිසක්ද විශ්‍රාම යති. අධ්‍යාපන විද්‍යාපීඨ කොමසාරිස් හා ජාතික පාසල් අධ්‍යක්ෂ යන තනතුරු දරන නිලධාරීන් මෙන්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක, කොළඹ ඩී.එස්. සේනානායක, කුරුණෑගල මලියදේව ඇතුළු පාසල් කිහිපයක විදුහල් ප්‍රධානීහුද නව තීරණය අනුව විශ්‍රාම යා යුතුය. අධ්‍යාපන පරිපාලන සේවයේ මෙන්ම විදුහල්පති සේවයේ නිලධාරීහුද එලෙස විශ්‍රාම ලබන්නන් අතර සිටිති.

නව තීරණය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බවත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු නොකළහොත් බරපතළ තත්ත්වයක් උද්ගත විය හැකි බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක්ද ඊයේ (31 වැනිදා) පැවසීය.

මේ අතර රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සිමාව අවුරුදු 60 දක්වා පහත හෙළීමත් සමග පාර්ලිමේන්තුවේ රැසකටම විශ්‍රාම යාමට සිදුවීමෙන් රට බිඳවැටෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Scroll to Top