Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

චීන ජාතිකයන් පිලිපීනයෙන් පිටුවහල් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදෙස් ආයෝජන මත සිදු කෙරෙන සූදු ක්‍රීඩා සමාජ ශාලා 175ක් වසා දමමින් එහි රැකියාවේ නිරත වූ චීන ජාතිකයන් 40,000ක් රටින් පිටුවහල් කිරීමට පිලිපීනය තීරණය කර ඇත. එරට අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියකු මේ බව විදෙස් මාධ්‍යයට තහවුරු කර තිබේ.

කුප්‍රකට අන්තර්ජාල ක්‍රීඩා කර්මාන්තය මර්දනය කිරීමේ පියවරක් ලෙස පිලිපීනය සූදුව තහනම් කර ඇති අතර, චීනයේ පාරිභෝගිකයන් ඉලක්ක කරමින් එරට රැකියාවේ නිරතව සිටින චීන ජාතිකයන් මේ සූදු ක්‍රීඩා සමාජ ශාලා සඳහා වැඩි වශයෙන් ආකර්ෂණය වී ඇතැයි ද වාර්තා වේ.

මෙවැනි ක්‍රීඩා සමාජ විශාල ප්‍රමාණයක් පිහිටි පිලිපීනයට චීන ජාතිකයන් බහුලව පැමිණීමේ ප්‍රවණතාවක් ද ඇතිවී තිබෙන අතර, චීන කම්කරුවන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් එරට සේවයේ නිරතව සිටින බවත් දත්ත මඟින් පෙන්වා දී තිබේ.

Scroll to Top