ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් පිරවුම්හල් 500 ත් 700 ත් අතර ගණනක් විදේශීය තෙල් සමාගම් වලට බාර දීමට නියමිතව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඉදිරි මාස හතර සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරිමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් කෝටි 200 කට වඩා වැඩි මුදල සොයා ගැනීමට අපහසු බැවින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇතැයි පැවසෙයි.
මේ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැල්සියාව, නෝවේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් ව්‍යාපෘති යෝජනා 27 ක් ඉදිරිපත් කර ඇති බවත් එහි සමාගම් 24 ට චීනයේ සිනොපෙක් සමාගම සහ බ්‍රිතාන්‍යයේ ෂෙල් සමාගමද ඇතුළත් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.