Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උසස් පෙළ ඉහළින්ම සමත් දරුවන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් මෙවර ගණිත අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් සිසුවා හිමිකරගෙන තිබේ.

විභාග ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වානන් තුවාරකේෂ් සමත් වුණි.

කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය බදුල්ල කැන්දගොල්ල මහ විද්‍යාලයේ ඉෂාර ලක්මාල් හීන්කෙන්ද විසින් හිමිකරගෙන ඇති අතර නාරම්මල මයුරපාද විද්‍යාලයේ නෙරන්ද දිල්හාරා කුමාරසිංහ ඉංජිනේරු තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.

මෙවර උසස් පෙළ විභාගයේ වානිජ අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න සිසුවිය සමත් වුණි.

විදුහල්පතිවරුන්ට අද (29)සිට 2021 උසස් පෙළ ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට අවස්ථාව සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, දෙවන හා තෙවන වර උසස් පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ට ලබන පළමුවැනිදා සිට 8 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ ඊයේ(28) නිකුත් කළේ ය.

විභාගය සඳහා අයැදුම්කරුන් 272,682 ක් පෙනී සිටි අතර ඉන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ.

අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි ද, විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Scroll to Top