භුතයා හා සුනාමි යන්ත්රවල මිල ගණන් නොසිතු ලෙස ඉහළ යාමෙන් තමන් අසරණ වී ඇති බව පුත්තලමේ වී ගොවියෝ මැසිවිලි නඟිති.
ගොවින් පවසන්නේ පසුගිය මහ කන්නයේ රුපියල් දස දහසකට ආසන්න මිලකට අක්කරයක ගොයම් කැපිමට භුතයා යන්ත්රයට මෙවර යල කන්නයෙ රුපියල් විසි දෙදහසක, විසිපන්දහස යන දෙගුණයකටත් වඩා මිලක් නියම කර ඇති බවයි.
එසේම අක්කරයක කොළ මැඩිමට රුපියල් 6000 මිලක් නියම වී තිබු සුනාමි යන්ත්රයක් මෙවර යල කන්නයේ විනාඩියට රුපියල් 250 බැගින් නියම කරමින් පැයකට රුපිවල් 15000ක මිලක් නියම කර ඇති බවයි.
මෙවැනි තත්ත්වයක් යටතේ තමන් දැඩි අසීරුවට පත්ව ඇති බව අසරණ වූ ගොවියෝ කියා සිටිති.