මන්දකට හසු වි සිටි තවත් කදුකර කොටි පැටවෙකු ජිවිතක්ෂයට පත් වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
නාවලපිටිය පොලිස් වසමට අයත් වෙස්ට්හොල් වතුයායට අයත් නිඩ්ලන්ඩ්ස් කොටසේ තේ වත්තේ අටවා තිබු උගුලකට හසු වි සිටි කදුකර කොටි පැටවෙකු එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
තේ වත්තේ සැරිසරන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් තේ ගසක අටවා තිබු කම්බි සහිත උගුලකට කදුකර කොටි පැටවාගේ උදරය ප්‍රදේශය හසු වි ඇත.
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් උගුලකට කදුකර කොටියෙකු හසු වි ඇති බවට වනජිවි නිලධාරින් වෙත කල දැනුම් දිමක් මත ගම්පොල සහ නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් එම ස්ථානයට යන විටත් කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි සිටිහ.
අවු 2 පමණ වයසැති මියගිය කදුකර කොටියා සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මියගිය කොටි පැටවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත භාරදෙන බව වනජිවි නිලධාරින් පැවසිය.
රංජිත්