Aboutceylon Online

QR ක්‍රමය නිශ්චිත විසඳුමක් නොවෙයි – ඉන්ධන හිඟයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය කියා සිටී.

රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව මෙම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පිරවුම්හල් රැසක් වසා ඇති බවය.

කෙසේ වෙතත් ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඉන්ධන නැව් ඉතාමත් ඉක්මනින් පැමිණීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවත් හෙතම පැවසීය.

QR ක්‍රමවේදය පවතින ඉන්ධන අර්බුදයට නිශ්චිත විසඳුමක් නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා එහිදී සදහන් කළේ රටේ මූල්‍ය හැකියාව මත ඉන්ධන ආනයනය කිරිමට සිදුවීම තුළ එය මනා කළමනාකරණයකින් යුතුව පාරිභෝගිකයාට බෙදාහැරීම සදහා අදාළ ක්‍රමවේදය ක්‍රියාවට නැංවූ බවයි.

එහිදී අමාත්‍යවරයා සදහන් කළේ ;

“මම මාස 4ක පමණ කාලයක් අප්‍රේල් මාසයේ 18 වෙනිදා ඉඳලා මේ විෂයභාර අමාත්‍යවරයා හැටියට මට ඒ වගකීම ලැබුණට පස්සේ මහ බැංකුව, මුදල් අමාත්‍යංශය, අපේ ආයතන මේ විවිධ පුද්ගලයින් එක්ක කරපු සාකච්ඡාවලදී අපිට වැටහිච්ච දේ තමයි. ඉදිරි මාස 12 සඳහා අපිට යම් අභියෝගයක් තියෙනවා කියන එක. මූල්‍ය හැකියාව මත තමයි අපිට ඉන්ධන ආනයනය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි ඒකට ගැලපෙන වැඩපිළිවෙලක් නිර්මාණය කළා මිස මේක සම්පූර්ණ සියයට සීයක් විසඳුමක් හැටියට මම දකින්නේ නෑ.”
අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය අපි දන්නවා. මොකද අපිට මහ බැංකුව කියනවා නේ අපිට දෙන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරද කියලා දෙසැම්බර් මාසය වෙනකල්. ඒ දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි අපි ආනයනය කරන්නේ. අපිට තියෙන ප්‍රමාණය කළමනාකරණය කරලා දෙන එක තමයි QR ක්‍රමවේදයෙන් කරන්නේ.”

Scroll to Top