ඩිසල් ඉන්ධන ලබා ගැනිමට හැටන් අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල අසල යලිත් දිගු පොලිම්, ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය අඩාලයි.
හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල අසල ජාතික ඉන්ධන නිකුත් කිරිමේ බලපත්‍රයට අනුව ඩිසල් ඉන්ධන ලබාගැනිමට (26) දින යලිත් දිගු පොලිම් දක්නට ලැබුණි.
හැටන් ලංගම ඩිපොව මගින් ඩිසල් ඉන්ධන නිකුත් නොකිරිම සහ හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන නොමැති විම හමුවේ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබාගැනිමට දිගු පොලිම් දක්නට ලැබුණි.
හැටන් ලංගම ඩිපොවේ ඩිපෝ කලමණාකාරවරයා කියා සිටියේ දින දෙකක සිට තම ඩිපොවට අවශ්‍ය ඉන්ධන තොග නිකුත් නොකිරිම හමුවේ ඉන්ධන නොමැති නිසා ලංගම බස් රථ කිහිපයක්ද ධාවනයෙන් ඉවත් කර ඇති බවයි.
මේ අතර හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලින් දිනපතා දුර සහ කෙටිදුර ධාවනය කරන බස් රථ ගණනාවක්ද ඩිසල් ඉන්ධන නොමැති විම හමුවේ ධාවනයෙන් ඉවත් කරගෙන තිබුණි.
රංජිත්