Aboutceylon Online

රටට අවශ්‍ය බඩඉරිඟු නිෂ්පාදනය කර ගැනීමට තවත් කන්න දෙකක්වත් ගතවේවි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටට අවශ්‍ය බඩඉරිඟු අස්වැන්න රට තුළම නිෂ්පාදනය කර ගැනීමට තවත් කන්න දෙකක් ගතවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. මේ වන විට බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ යාමට බලපා ඇත්තේද සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු හිඟ වීමයි.

ඉකුත් වසරේ මෙට්ට්‍රික් ටොන් 90,000 ක බඩඉරිඟු අස්වැන්නක් ලැබී ඇති නමුත් මෙරට බඩඉරිඟු අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් ලක්ෂ දෙකකට අධික බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

මුංඇට, කව්පි සහ කුරක්කන්වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත මට්ටමකට ආසන්න වෙමින් පවතිනවා. රටකජුවලින් ද ශ්‍රී ලංකාව ස්වයංපෝෂිතයි. රටේ වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 30,000 ක් වුවද මේ වන විට රටකජු වගාවෙන් ශ්‍රී ලංකාවේ අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 64,000 කට අධික වනවා.

Scroll to Top