Aboutceylon Online

පිරවුම්හල් වල මිල වැඩිවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

භුමිතෙල් මිල වැඩිකලද වතු ආශ්‍රිත නගර වල ඉන්ධන පිරවුම්හල් වලට මාස දෙකකට වැඩි කාලයක් භුමිතෙල් තොග ලැබි නැ.
භුමිතෙල් ලිටරයක මිල ඛනිජ තෙල් නිතිගත සංස්ථාව විසින් (21) දින රාත්‍රියේ සිට රු 253 කින් ඉහල දැමුවද හැටන් ඇතුළු වතු ආශ්‍රිත නගර වල ඉන්ධන පිරවුම්හල් වල මාස දෙකකට අධික කාලයක් භුමිතෙල් නිකුත් නොකල බව පාරිභෝගිකයන් කියා සිටියි.

විදුලි කප්පාදුවත් සමග වතු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව රාත්‍රි කාලයේ භුමිතෙල් භාවිතා කරමින් ලාම්පු දල්වා නිවසට අලෝකය ලබාගන්නා අතර, භුමිතෙල් මිල වැඩි කිරිම පවතින ජිවන වියදම හමුවේ තමන්ට දරාගත නොහැකි බවයි වතුකරයේ භුමිතෙල් භාවිතා කරන වතුකම්කරුවන් කියා සිටින්නේ.

රු 87 කට පැවති භුමිතෙල් ලිටරයක් (21) දින මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් නිතිගත සංස්ථාව මගින් රු 253 කින් වැඩි කර ඇති අතර, ඒ අනුව භුමිතෙල් ලිටරයක නව මිල වනුයේ රු 340 කි.

භුමිතෙල් මිල වැඩි කිරිමෙන් පසු ඒ සදහා පවතින ඉල්ලුමද අඩුවිමට හැකි බව හැටන් ප්‍රදේශයේ භුමිතෙල් අලෙවි කරන ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියා සිටියි.

රංජිත්

Scroll to Top