Aboutceylon Online

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි අරඹයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි සිය කටයුතු ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

බොරතෙල් හිඟය හේතුවෙන් පිරිපහදුව මාස කිහිපයක් වසා දමා තිබුණි.

ඒ අනුව බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් මේවන විට ගොඩබාමින් පවතින අතර තවත් මෙට්‍රික් ටොන් 120,000ක් ලබන සතියේ ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කරයි.

පිරිපහදුව දින 40ක කාලයක් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට හැකි වනු ඇති බවද අමාත්‍ය විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Scroll to Top